විභාග මධ්‍යස්ථානයට බඹරු ඇවිත්..
මරදංකඩවල පෙරියකුලම විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර තුර, හදිසියේ බඹර කූඩයක් ඇවිස්සීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. එහිදී ශාලාධිපතිවරයාට හා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට සහ නිලධාරිනියකට බඹරුන් දෂ්ට කර ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, විභාගය පැවැත්වෙන අවස්ථාවේදී මෙම බඹර කූඩය ඇවිස්සීම හේතුවෙන් විභාගයට යම් බාධාකාරී තත්ත්වයක් මතු වුවත් පසුව විභාග කටයුතු යථා පරිදි පවත්වාගෙන ගොස් තිබේ.
පසුව වනජීවී නිලධාරීන් එම ස්ථානයට කැඳවා බඹර කූඩය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
