විදෙස් රැකියා ජාවාරම්කරුවන් 4ක් එක් දිනකදී අල්ලයි

(ශිරාන් රණසිංහ)
විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට ලද පැමිණිලි අනුව 28දා පමණක් විදේශ රැකියා ජාවාරම්කරුවන් සිව් දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් අට දෙනකුගෙන් රුපියල් එක් කෝටි විසි අට ලක්ෂයක මුදලක් වංචාකළ පුද්ගලයකු ඊයේ දින මහරගම ප්‍රදේශයේදී කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු ශඍ ෂපපසටර්එසදබ නමින් ජාත්‍යන්තර උපදේශන ආයතනයක් ගම්පහ වෝට්සිටි ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් උපදේශන වැඩසටහන් සංවිධානය කරමින් විදේශ රැකියා සඳහා තරුණ තරුණයින් බඳවාගෙන තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු 29දා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
