විදුලි සේවක වර්ජනය කල් යයි

(සෙනාෂ් කොළවත්ත)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විනිවිද භාවය පිළිබඳ ඇති වී තිබෙන ප්‍රශ්න විසඳීමට රජය පියවර ගන්නේ නම් වැඩ වර්ජන තීරණ අත්හරින බව විදුලි වාත්තීය සමිති නායකයෝ කියා සිටිති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සමන් ඉලුක්තැන්න මහතා කියා සිටියේ අදාළ ක්‍රියාවලිය පිළිබඳ සමීපව නිරීක්‍ෂණය කරන බවයි. ලංවිම තුළ වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක බවත්, යම් යම් වෘත්තීය සමිති විවිධ යෝජනා ඉදිරිපත් කළත් වැඩ වර්ජන තීරණයක් තවම ගෙන නැතැයි ද ඒ මහතා කියයි. ඇතැම් වෘත්තීය සමිති මේ වන විටත් අකුරට වැඩ කිරීම, අතිකාල සේවාවලින් ඉවත්ව සිටීම ආදී ක්‍රියාමාර්ගවලට යොමුව සිටින බව ද ඒ මහතා කියයි.
විදුලිබල මණ්ඩලය ප්‍රධාන වශයෙන් සමාගම් 4ක් යටතට පත් කිරීම තනි පුද්ගලයකුට හෝ කිහිපදෙනෙකුට කළ නොහැක්කක් බවත් ඒ සඳහා තම සංගමය ඇතුළු සංගම් කර තිබෙන යෝජනාවලට යටත්ව අදාළ ක්‍රියාවලිය සිදුවන්නේ නම් ගැටලුවක් ඇති නොවන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලය වැනි විශාල ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමේ පෙර අත්දැකීමක් කිසිවකුට නොමැති බවත් එය සාකච්ඡා හා සම්මුතීන්වලට යටත්ව සිදුකළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ වන විට අදාළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව මතුව තිබෙන ගැටලු සම්බන්ධයෙන් සේවකයන්ට පැහැදිලි කළ යුතු බවත් එසේ වන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමුවීමට සිදු නොවන බව ද ඒ මහතා කියා සිටී.
විදුලි පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් එනිසා මෙය සාකච්ඡා කර විසඳා ගැනීමට රජයේ පාර්ශ්වය කටයුතු කරනු ඇතැයි ද ඉලුක්තැන්න මහතා පැවැසීය.