විදුලි ගාස්තු වැඩි කළොත් ජනතාව පාරට බස්සවනවා

විදුලි ගාස්තු වැඩි කළොත් ජනතාව පාරට බස්සවනවා

-ශිරාන් රණසිංහ-
මේ මොහොතේ විදුලිය ගාස්තු යළි ඉහළ නොදමා සියයට 20කින්වත් ගාස්තු පහළ දමන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා ඉල්ලා සිටී.
මරඳගහමුල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම ඉල්ලීම කළේය.
ලංකා විදුලිබල මණ්ඩල පනතේ තිස්වන වගන්තිය උල්ලංඝනය කර යළිත් වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කංචන විජේසේකර ලවා සියයට 300කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බව ද ඒ මහතා පෙන්වා දෙයි.
මේ වන විට විශාල ලාභයක් ලබන විදුලිබල මණ්ඩලය සමාගම් හතරක් යටතට පත් කර සේවකයන් පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට යන බවත් සේවකයන්ට ගෙවන පාරිතෝෂික මුදල් ටික පවා ගාස්තු ඉහළ දමා එම බරත් ජනතාව වෙත පතිත කිරීම සැලසුම වී ඇතැයි ද ධම්මික සංජීව මහතා පෙන්වා දෙයි.
බලශක්ති ඇමැතිවරයා සේවක කප්පාදුවක් සිදු නොකරන බවට ප්‍රකාශ කළත් මේ වන විට ලංවිම සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් අරමුදල, සේවක අර්ථසාධක අරමුදලට සහ අලුත් සමාගම් යටතේ සේවකයන්ට හිමිවන තනතුරු මොනවා දැයි පැහැදිලි කර නැතැයි ද ඒ මහතා කියයි. විදුලි ගාස්තු යළ

Share This