විදුලි ගාස්තු වැඩිකෙරේ

විදුලි ගාස්තු වැඩිකෙරේ

-ශිරාන් රණසිංහ-
විදුලි ගාස්තු අද (14) සිට වැඩි කිරීමට නියමිතය.
විදුලි ගාස්තුව සියයට 6.8කින් වැඩි කරන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට යොමු කර තිබූ අතර එම කොමිසම මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ගාස්තු ඉහළ දැමීම 15 වැනිදාට පෙර සිදු කිරීමට නියතමිව ඇත.
විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළව ලංවිම කළ යෝජනාවට අදාළව මහජන අදහස් ලබා ගැනීම සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ කළ අතර එය ඔක්තෝබර් 08 වැනිදා අවසන් විය.
ඒ අනුව අද (14) දින විදුලි ගාස්තු ඉහළ යන ප්‍රතිශතය කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Share This