විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම 25වනදා සිට

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව  යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි. පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස 18වනදා දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව  කොමිසන් සභාව වැඩි දුරටත් සඳහන් කර සිටී.

සියළුම පළාත්  ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව විසින් තීරණය කරනු ඇත.

අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි මස 31 වන දින දක්වා එනම් 2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන කාලසීමාව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් පසුගිය 13 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර .

2026 වසරේ පළමු කාර්තුවට අදාළව ලංකා විදුලි මණ්ඩලය විසින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව නොමැත.

Share This