විජේරාම නිවෙස ලක්ෂ 46කට කුලියට දීලා පෙන්වන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස හැකි නම් රුපියල් ලක්ෂ 46ක කුලියකට ලබා දී පෙන්වන්න යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ආණ්ඩුවට අභියෝග කරයි.
ආණ්ඩුව අදාළ නිවෙස පිළිබඳ ගණන් හිලව් කියන බවත් තමාගේ මෙම අභියෝගය භාර ගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.