වැසි තත්ත්වයේ වෙනසක්

වැසි තත්ත්වයේ වෙනසක්

දිවයිනේ දැනට පවතින වියලි කාලගුණ තත්ත්වය 10 සහ 11 දිනවදි තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැක.

ගාල්ල මාතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (09) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

නැගෙනහිර ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වැසී කීපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලකුමාල්

Share This