වැස්සත් සමග ඩෙංගුත් ඉහළට

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,392 දෙනෙකු වාර්තා වී මරණ 22ක් සිදුව ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්ය.