වැලිගම ප්‍රා. සභාපති ඝාතනයේ වගකීම රජය භාරගත යුතුයි

වැලිගම ප්‍රා. සභාපති ඝාතනයේ වගකීම රජය භාරගත යුතුයි

(ශිරාන් රණසිංහ)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ වගකීම රජය භාරගත යුතු බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (22දා) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය.
මහජන නියෝජිතයන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කර ඇතැයි ද ඒ අයට වහාම ආරක්ෂාව සලසා දිය යුතු බව ද ඒ මහතා කීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන අවස්ථාවේදී සභිකයන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත් ඊට පසුව තවත් සභිකයෙක්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් ඒ මහතා සිහිපත් කළේය.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව පවා ඉවත් කර ඇතැයි ජාතික ආරක්ෂාව අනතුරක පවතින බව ද ඒ මහතා සඳහන් කළේය. දේශපාලනඥයාට ආරක්ෂා කිරීමට රජයට නොහැකි බවත් ආරක්ෂාව සලසන්නේ නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This