වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම්

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම්

(ළහිරු ගුණතිලක මොනරාගල)

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් මත අධිකරණ කොමිෂන් සභාව මඟින් වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩතහනම් කර ඇත.
ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයකින් පසු මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ.
විදේශ ගමන් තහනම් ඉවත් කිරීම්, නඩුවලට ඉදිරිපත් වූ භාණ්ඩ නිදහස් කිරීම් යනාදියේදී සිදුව ඇතැයි කියන විෂමාචාර පිළිබඳ එම විමර්ශනය සිදුකෙරේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ මහෙස්ත්‍රාත්වරයකු වන මංජුල රත්නායක වැල්ලවායට මාරුවීම් ලබා සිටි අතර ඔහු ඇතුළු මහෙස්ත්‍රාත්වරුන් කොළඹ සිට දුර බැහැර පළාත්වලට මාරු කිරීම පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි විවේචන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත එල්ල කර තිබිණි.

Share This