වැරැදි කළොත් සොරිම තමයි

-ශිරාන් රණසිංහ-
ඉදිරි සති දෙක ඇතුළත රථ වාහන පොලිස් රාජකාරි කරන නිලධාරින් සියලු දෙනාටම නිල ඇඳුමේ පැලඳවිය හැකි කැමරා ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
මේ අනුව රථ වාහන රාජකාරිවල නිරතවන නිලධාරීන්ට දූෂණය වළක්වමින් සිය රාජකාරි විනිවිදව කරගෙන යෑමට හැකි වන බවද ඒ මහතා කියයි.
මෙහිදී රියැදුරන්ගේ වැරැදි මෙන්ම පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා නිවැරැදි කරගත හැකි වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.