වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසල් වැටලීම් දැඩි කරයි

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසල් වැටලීම් දැඩි කරයි

-ශිරාන් රණසිංහ-
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන ස්ථාන වැටලීම වේගවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් දින තුනේද සහල් අලෙවි ස්ථාන හතලිහක් වටලා පරීක්ෂා කර ඇත.
මේ වන විට වෙළෙඳපොළේ සම්බා හා විශේෂයෙන්ම කීරි සම්බා හිඟයක් මතු වී ඇති අතර සහල් තොග සඟවා සිටින ස්ථාන පිළිබඳව ද සොයා බැලීම ආරම්භ කර තිබේ.

Share This