වැඩිහිටියන් මුලා කොට ඒටීඑම් යන්ත්‍රයෙන් මුදල් ඇද්ද හිටපු සෙබලෙක් දැලේ

වැඩිහිටියන් මුලා කොට ඒටීඑම් යන්ත්‍රයෙන් මුදල් ඇද්ද හිටපු සෙබලෙක් දැලේ

(කළුතර – එස්.එස්. තන්ත්‍රිආරච්චි)
බැංකුවල ඒටීඑම් යන්ත්‍රවලින් මුදල් ගැනීමට එන වැඩිහිටියන් මුලා කොට සූක්ෂම ලෙස ඔවුන්ගේ කාඩ් පත් ලබාගෙන වංචනික ලෙස මුදල් ලබා ගත් බව කියන පුද්ගලයකු දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු යුද හමුදා සේවයේ නිරතව සිට පළා ආ සෙබළකු වන 39 හැවිරිදි අයකු වන අතර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

බැංකුවල ඒටීඑම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට එන වැඩිහියනට උදව් කරනා මුවාවෙන් ඔවුන්ගේ කාඩ් පත අතට ගෙන මුර පදය අසා දැනගෙන එම කාඩ් පතට මොහු අත ඇති එවැනිම කාඩ් පතක් සූක්ෂම ලෙස මාරු කර මුදල් යන්ත්‍රයේ වරදක් ඇති බව පවසා පිටව ගොස් වෙනත් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම මොහු දිගටම කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

Share This