වාහන පැවරීමේදී ටින් අංකය අනිවාර්යයි

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් ”ටින් අංකය” අනිවාර්ය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ම සඳහන් කළේ ජනවාරි මස 5 වනදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති බවය.
මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් ටින් අංකය අනිවාර්ය කර තිබු අතර මේ වසරේ සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්ය කර ඇති බවයි.
ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වේ.
අදාළ නීතිය මීට වසර දෙකකට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද එය අවස්ථා ගණනාවකදී කල් දැමුණු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
