වාර්තා පිට වාර්තා තැබූ, ශ්‍රී FM 24 වන සංවත්සරික ප්‍රසංගය – ලංකාවේ එතෙක් මෙතෙක් පැවති දීර්ඝතම සජීවී ප්‍රාසාංගික අත්දැකීම ලෙස වාර්තා අතරට
රේඩියෝකරණයට නවමු හැඩයක් එක්කාසු කරමින්, ශ්‍රාවක සිත් ඇද බැඳගත් ‘රේඩියෝ කලාවක්’ කියාදුන් ‘ශ්‍රී FM’ ඊයේ (අගෝස්තු 11) සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරනු ලැබුවා.
ඒ මෙරට පෞද්ගලික ගුවන්විදුලි ගමන් මඟෙහි ආරම්භය සනිටුවහන් කළ ගෞරවයත් සමඟයි.
කවදත් ශ්‍රාවක ඔබේ සුබ සෙත සහ රසවින්ඳනය උදෙසාම කැපවුණු ශ්‍රී, 24 වන සංවත්සරය සමරනු ලැබුවේ ද දවස පුරා ඔබ ළඟම රැඳෙමින් බැව් සඳහන් කර සිටින්නේ ඉමහත් ආඩම්බරයෙන් යුතුවයි.
ඒ අනුව ඊයේ උදෑසන 10 සිට දවස පුරා Monara TV පරිශ්‍රයේදී, ශ්‍රාවක ඔබට එතෙක් මෙතෙක් මෙරටදී නොවිඳි දීර්ඝතම සජීවී ප්‍රාසාංගික අත්දැකීමක් තිළිණ කිරීමට ශ්‍රී FM සමත් වුණා.
ලාංකීය රේඩියෝ නාලිකාවක සහ ටෙලිවිෂන් නාලිකාවක ‘දීර්ඝතම කාලයක් පුරා විකාශය වූ සජීවී වැඩසටහන’ ලෙසින් ‘ශ්‍රී FM 24 වන සාංවත්සරික ප්‍රසංගය’ ඉතිහාසගත වාර්තාවක් තැබූ බව අප ඔබට සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන් යුතුවයි.
එපමණක් නොව එහිදී කලාවට මුල්තැන දෙන ‘ශ්‍රී’ ට සුබපැතුම් එක්කාසු කිරීමට සේ ම, අජිත් විතානගේ ප්‍රමුඛ සීදූව සකුරා සංගීතය සමඟින් ඔබ වෙනුවෙන් ගීතවත් වීමට මෙරට සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත තරු 50ක් ‘ශ්‍රී FM සාංවත්සරික ප්‍රසංගය’ හැඩකරනු ලැබුවා.
ඒ, ලාංකීය සජීවී ගුවන්විදුලි/රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ දැවැන්තම තරු පිරිවර ලෙස තවත් නව වාර්තාවක් තබමින්.
එමෙන්ම ඊයේ (11) දින මෙරට ඉතිහාසයේ මිලියන සංඛ්‍යාත ශ්‍රාවක, ප්‍රේක්ෂක පිරිසක් එකම නාලිකාවක් වටා එකම වේලාවකදී එක් රොක් වුණු දිනය හැටියට ද ඉතිහාසගත වනවා.
‘ශ්‍රී’ නාමය කවදත් ඉහළින්ම සනිටුවහන් කිරීමට නිබඳව FM 100/100.2 ඔස්සේ ‘ශ්‍රී FM’ සමඟ රැඳෙන ශ්‍රාවක ඔබට හදපිරි ප්‍රණාමය !