ව්‍යාජ පොලිස් ලාංඡන හා පිස්තෝලයක් සමග පුද්ගලයෙක් කොටු

මහරගම නාවින්න ප්‍රදේශයේ දී පුද්ගලයකු ව්‍යාජ පොලිස් ලාංඡනයක්, පිස්තෝලයක් සමග පොලිස් මාර්ග බාධකයදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ගමන්ගත් වෑන් රථය පරික්ෂා කිරීමේ දී එහි තිබී තවත් ලාංඡන රැසක්ද හමුවී ඇත.
අත්අඩංගුවට ගත් 34 හැවිරිදි පුද්ගලයා නිට්ටඹුව, බෝපාගම ප්‍රදේශයේ පදිංචි අයකු බවද මහරගම පොලිසිය කියා සිටී.