වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් වරම් ලද ලාංකීය භික්ෂුව – පූජ්‍ය වඩිගල සමිතරතන හිමි
මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් වන, පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේ සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ, වසර 105 කට පසුව ලාංකීය භික්ෂූන් වහන්සේ නමක් ඔක්ස්ෆර්ඩ් වරම් ලද ඉතිහාසගත වාර්තාවට හිමිකම් කියමින්.
උන්වහන්සේ, දර්ශනය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකට හිමිකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.
මීට පෙර ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් ඔක්ස්ෆර්ඩ් වරම් හිමිකරගෙන ඇත්තේ 1919 වසරේදී යි.
ඒ, ඔක්ස්ෆර්ඩ් වරම් ලද ප්‍රථම ශ්‍රී ලාංකේය භික්ෂුව බවට පත්වෙමින් පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන් විසින්.
වඩිගල සමිතරතන හිමි, ථෙරවාදී බෞද්ධ භික්ෂුවක් ලෙස පැවිදි දිවියට එළඹ ඇත්තේ 2009 වසරේදී යි.
එතැන් පටන් ධර්මයේ මූලධර්ම ඉගැන්වීම් ගැඹුරින් හදාරා ප්‍රගුණ කළ උන්වහන්සේ, පෙරදිග භාෂාවන් (සිංහල, පාලි සහ සංස්කෘත) මනාව හදාරා ඇති අයෙකි.