වසරේ ගත වූ මාස 2ට ඩෙංගු රෝගීන් 13, 416ක් – වැඩිම කොළඹ සහ ගම්පහ

වසරේ මේ දක්වා ගත  වූ මාස 2ට ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි එම ඒ්කකය පවසන්නේ.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් බවද  ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දින 2කට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍යවරයක් හමුවන ලෙසයි.

 

Share This