වලංගු බලපත්‍ර නැති විදේශීය රියදුරන් අත්අඩංගුවට, වාහන දෙන අයටත් වැඩ වරදින ලකුණු

දකුණු පළාතේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවන විදේශීකයන් කොටු කර ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.  කල්බදු, කුලී හෝ වෙනත් ඕනෑම පදනමක් මත වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව විදේශීය ජාතිකයෙකුට ත්‍රිරෝද රථයක් ,මෝටර් රථයක් හෝ යතුරුපැදියක් ලබා දීම වරදක් බව පොලිසිය මේ සතියේ ප්‍රකාශ කළහ. නීතිය උල්ලංඝනය කරමින් එවැනි වාහන සපයන කුලී වාහන සපයන සපයන හිමිකරුවන්ට හෝ වාහනයක හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසීය.  සංචාරය සදහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව එම මහතා වැඩිදුරටත් පැවසීය.

Share This