වරායේ සමූහ මිනී වළ ගැන ආණ්ඩුව නිහඬයි

(විනීතා එම්. ගමගේ)
කොළඹ වරාය පරිශ්‍රයේ සමූහ මිනීවළෙන් සොයාගත් ඇටසැකිලි 88-89 සමයේ අතුරුදන්වූ තරුණයන්ගේ බවට බරපතළ සැකයක් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියයි.
එකල එහි තිබූ කඳවුරට ගිය අයගේ මිස ආපසු පැමිණි අයගේ පිය සටහන් නොතිබූ බවත් වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධව විමර්ශන නොකිරීම පුදුම සහගත බවත් හෙතෙම සඳහන් කරයි.
චෙම්මනි සමූහ මිනීවලේ මෙන් නොව මෙහි දී හමුවන්නේ වැඩුණු පිරිමින්ගේ අස්ථි කොටස් බව පෙන්වා දෙන ජයගොඩ මහතා ඒ අනුව තම සැකය තීව්‍ර වන බවත් පෙන්වා දෙයි. මේවා ගැන ගැඹුරට සෙවීමට ආණ්ඩුවට වගකීමක් ඇතැයි ද ඔහු කියා සිටියි.
අතුරුදන්වූවන්ගේ කාර්යාලය ආරම්භ කළ නිසා අතුරුදන්වූවන් පිළිබඳ පොලිස් විමර්ශන නැවැත්වීමට පැවැති රජය කටයුතු කළ බවත්, මේ වන විට අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය ද අක්‍රිය වී ඇති බැවින් අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම් සම්පූර්ණයෙන්ම නවතා ඇති බවටත් ජයගොඩ මහතා චෝදනා කරයි.
තම පක්ෂයේ කාඩර්වරුන් වන ලලිත් හා කූගන් ඇතු`ඵ අතුරුදන් වූ සියලු දෙනා වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද ඔහු සඳහන් කරයි.