වරායන්වල සිරවූ වාහන නිදහස් කරන්න – වාහන ආනයනකරුවෝ
කොළඹ හා හම්බන්තොට වරායන්වල සිරවී තිබෙන ආනයනික මෝටර් රථ 2000 ක පමණ තොගය ඉක්මනින්ම නිදහස් කර දෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. වාහන ආනයනයට අදාළ සියලු මුදල් මේ වනවිට ගෙවා නිම කර ඇති බවත් වාහන තොගය නිදහස් කිරීමට අදාළ කොන්දේසිවලට යම් සහනයක් ලබාදී හෝ වාහන තොගය නිදහස් කර දෙන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි. මෙම වාහන තොගය නිදහස් නොකිරීම නිසා අලුතින් ගෙන එන වාහන තැන් තැන්වල ගාල් කිරීමට සිදුව ඇතැයිද සංගමය පෙන්වා දෙයි.
