වර්ෂාවත් සමග උඩරට එළවළු මිල පහළ බසී
මේ දිනවල උඩරට ප්‍රදේශවලට පවතින වර්ෂාපතන හේතුවෙන් එළවළු මිල ගණන් පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. වර්ෂාව නිසා නොයෙක් ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ගේද අඩුවක් ද පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳුන් පවසති. එළවළු මිල ගණන් පහත වැටීමට මෙම හේතුවද බලපා ඇති බව වැඩිදුරටත් සඳහන් කරන ඔවුන් බෝංචි රු.300 -500 අතරද ලීක්ස් 170-180 අතරද ගෝවා 70-80 අතරද රාබු 30-40 අතරද නෝකෝල් 100 -110 අතරද අලෙවි වන බව සදහන් කරන අතර තවත් එලවළු වර්ග බොහොමයකද මිල පහත වැටී ඇති බවද කියයි.

