වරදකරු වූවත් ට්‍රම්ප් නිදහස්
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට “කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ” දඬුවමක් නියම කර තිබෙනවා. එනම් ඔහුට සිරගත කිරීමේ කාලය සහ දඩයක් ඉතිරි කරමිනුයි විනිසුරුවරයා මෙම තීන්දුව නිකුත් කර ඇත්තේ.
ට්‍රම්ප් නිව් යෝර්ක් උසාවියේ නඩු විභාගයට පළමවරට පෙනීසිටි අතර ඒ සඳහා ඔහු වීඩියෝ සබැඳියක් උපයෝගී කර ගත්තා . ඔහුගේ නීතීඥවරයා සමඟ වාඩි වී ගල්ගැසුනු මුහුණකින් පෙනී සිටිමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙය විහිළුසහගත නඩු විභාගයක් බවයි. විනිසුරු ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවත් නඩු විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ට්‍රම්ප් පවසා තිබෙනවා.
නඩු පැවරීම කළ පාර්ශවයද කිසිදු සිර දඬුවමක් , පරිවාසයක් හෝ දඩයක් ඉල්ලා සිට නැහැ. ඒ අනුවයමින් විනිසුරුවරයාද තීන්දු කර ඇත්තේ එල්ල වූ සියලු චෝදනාවලට ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වූවත්, ඔහුව නිදහස් කරන බවයි.
මෙය “භයානක අත්දැකීමක්” වූවත් තමන් “සම්පූර්ණයෙන්ම නිර්දෝෂී” බව ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මර්චන් මෙය “අසාමාන්‍ය නඩුවක්” ලෙස හඳුන්වා ඇති නමුත් ඊට විශාල අවධානයක් ලැබුණු බවයි පවසා ඇත්තේ .
නමුත් මෙයත් සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයන් සහිත වූවක් බව ඔහු අවධාරණය කර ඇති බව සඳහන් .
පසුගිය මැයි මාසයේදී, වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවූ මුදල් පිළිබඳ ව්‍යාජ ලේඛන සකස් කිරීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු කෙරුනා. එහි තීන්දුවයි අද ප්‍රකාශයට පත් කෙරුනේ. ඒ අනුව, අමෙරිකානු ඉතිහාසයේ, අපරාධ චෝදනා 34කට වරදකරු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වනදා අමෙරිකානු ජනාධිපති ධූරයේ වැඩ භාරගනු ඇති.