වරකාපොළ තිදරු පියා අයිස් සමග අත්අඩංගුවට

වරකාපොළ තිදරු පියා අයිස් සමග අත්අඩංගුවට

(වරකාපොළ සරත් ආනන්ද ලියනගෙ)්
වරකාපොළ නිවටුව ප්‍රදේශයේතිදරු පියෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 450 ක් සමග අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි.
මෙම සැකකරු අවට ප්‍රදේශයේ දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවිය කර ඇති අතර මොහු මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර අධිකරණයෙන් වැරදිකරුවකු වූ පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
වරකාපොළ නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි තරුණයකු අයිස් මත්ද්‍රව්‍ය සමග වරකාපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය කර ගත් තොරතුරු මත නිවටුව ප්‍රදේශයට ගොස් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 ක් හා මිලිග්‍රෑම් 450 ක්
පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු 02 දා වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වූ අතර වරකාපොළ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවංශ, පොලිස් සැරයන් ( 66013 ) කරුණාරත්න, පොලිස් කොස්තාපල් ( 50399 ) මහේෂ්, කාන්තා පොලිස් සැරයන් 3358 තුෂාරි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share This