වතු කම්කරුවන්ට සහන ඉල්ලා නුවරඑළියේ උද්ඝෝෂණ

( හැටන් රංජිත් රාජපක්ෂ)
වතුකම්කරුවන්ගේ වැටුප රු.2000 දක්වා ඉහළ නැංවීම සහ වතු කම්කරුවන්ට සින්නක්කර ඔප්පුවක් සහිත ඉඩමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා වු කඳුරට ජනතා ව්‍යාපාරය එක්ව (29දා) නුවරඑළිය නගරසභා පුස්තකාල ශ්‍රවනාගාරයේදී උද්ඝෝෂණයක නිරත විය.
මීරියබැද්ද නායයෑම සිදු වී වසර 14ක් සපිරීම නිමිත්තෙන් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා එම දිනය සිහි කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කළ බව එම උද්ඝෝෂණය සංවිධානය කළ ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුව යන අය කියා සිටියහ.
නුවරඑළිය ගාමිණි ජාතික පාසල අසළ සිට සටන්පාඨ රැගෙන පෙළපාලියකින් නුවරඑළිය පුස්තකාල ශ්‍රවණාගාරය වෙත පැමිණ උද්ඝෝෂණය පැවැත්වීය.
මෙම උද්ඝෝෂණය සහ රැස්වීමට විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.
