වට්ටක්කාවලින් රසම රස සුප් එකක්

වට්ටක්කාවලින් රසම රස සුප් එකක්

වට්ටක්කා කියන්නෙ රසයෙන් වගේම ගුණයෙනුත් අනූන ලොකු කුඩා කාටත් හොඳ පෝෂණයක් ලැබිය හැකි එළවළුවක්.

ගොඩක් වෙලාවට වට්ටක්කා ප්‍රසිද්ධ ව්‍යංජනයක් හැටියට.

නමුත් ඉන් සකසාගන්න පුළුවන් ආහාර වට්ටෝරු බොහෝමයක් තියෙනවා.

ඒ අතරින් ‘වට්ටක්කා සුප්’ හරි ප්‍රසිද්ධයි.

අපි මේ කියන්න යන්නෙ, ගෙදරදී හරිම පහසුවෙන් රසවත් ‘වට්ටක්කා සුප්’ එකක් හදාගන්න හැටි ගැන…

අවශ්‍ය ද්‍රව්‍ය :

  • වට්ටක්කා 300g
  • වතුර ලීටර් 1
  • සේර කැබැල්ලක්
  • කැරට් අලයක්
  • බී ලූණු
  • සුදු ලූණු
  • එළ කිරි හෝ චීස්
  • ඔලිව් තෙල් ස්වල්පයක්
  • අවශ්‍ය පමණට ලුණු
  • සීනි මේස හැඳි 1
  • බටර් මේස හැඳි 1
  • කරපිංචා
  • ගම්මිරිස් කුඩු
  • කුඩාවට කපාගත් කුකුළු මස් (අවශ්‍ය නම්)

සාදන ක්‍රමය :

  • වට්ටක්කා සහ කැරට් හොඳින් සෝදා සිහින් කැබලිවලට කපා ගන්න.
  • බී ලූණු, සුදු ලූණු සහ කරපිංචා ද සිහින්ව කපා ගන්න.
  • භාජනයක් ලිප තබා එයට ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කර ලූණු සහ කරපිංචා තෙම්පරාදු කරගන්න.
  • සේර කැබැල්ල ද ඊට එකතු කරගන්න.
  • පසුව වට්ටක්කා, කැරට් සහ කුඩාවට කපාගත් කුකුළු මස් තෙම්පරාදු කරගෙන වතුර ස්වල්පයක් එකතු කර මද ගින්නේ පිස ගන්න.
  • අනතුරුව සියල්ල හොඳින් තැම්බුණු පසු ලිපෙන් ඉවතට ගෙන සේර කැබැල්ල එයින් ඉවත් කර වට්ටක්කා, කැරට් සහ කුකුළු මස් හොදින් බ්ලෙන්ඩර් කරගන්න.
  • ඉන් පසුව එම මිශ්‍රණයට එළ කිරි හෝ චීස් එකතු කර රස අනුව සීනි, ලුණු සහ ගම්මිරිස් දමා මද වේලාවක් පිස ගන්න.
  • මෙලෙස සාදාගත් රසවත් වට්ටක්කා සුප්, ඔබට රෝස්ට් කරන ලද පාන් සමඟ ද ආහාරයට ගත හැකියි…
Share This