“ලෝක සෞඛ්‍ය දිනය 2026” අග්නිදිග ආසියානු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ඇමති නලින්ද
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය (WHO SEARO) සංවිධානය කරනු ලබන ලෝක සෞඛ්‍ය දිනය 2026 සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය දිනය මෙම මස 07 දිනට යෙදී ඇති අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි WHO SEARO මූලස්ථානයේ (07) දින සැමරුම් උළෙල පැවැත්වීමට කටයතු සංවිධානය කර තිබෙනවා.
“සෞඛ්‍ය සඳහා එක්වෙමු. විද්‍යාව සමඟ නැගී සිටිමු” (Together for health. Stand with science) යන තේමාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක සෞඛ්‍ය දිනය – 2026 සැමරීමට යොදා ගෙන ඇත.
මෙවර සැමරුමේ මූලික අරමුණ වන්නේ මානව සෞඛ්‍යය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයාගැනීම් සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීම වන අතර මෙහිදී මිනිසුන්ගේ පමණක් නොව සතුන්, ශාක සහ සමස්ත පද්ධතියේම සෞඛ්‍යය එකිනෙකට බැඳී පවතින බව පවසන “ඒකීය සෞඛ්‍ය” (One Health) ප්‍රවේශය කෙරෙහි ලෝකයේම අවධානය යොමු කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙනවා.

