ලෝක වාර්තාවක් සදහා ඉන්දියාවේ රාහුල් කටුනායකට

(කටුනායක – ටී.කේ.ජී. කපිල)
ඉන්දීය ජාතික රාහුල් ෂර්මා, ශ්‍රී ලංකාවේ උතුරු කොනේ පේදුරුතුඩුව සිට දකුණු කොනේ දෙවුන්දර තුඩුව දක්වා කිලෝ මීටර් 573 ක දුරක් දින 06 ක් තුළ දිව ගොස් ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා 21 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඉන්දියාවේ රාහුල් ෂර්මා එරට ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන්නෙකි.
ඔහු සිය මව සමග මෙම අභියෝගයට මුහුණ දීම සදහා පැමිණ තිබූ අතර මෙම දුර දිව යෑමේදී දඹුල්ල, කුරුණෑගල සහ කොළඹ දී නැවතී කෙටි විවේකයක් ගැනීමට ද බලාපොරොත්තු වේ.
රාහුල් සිය මව සමග 21 දින පස්වරු 03.00 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 2276 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
රාහුල් ෂර්මා මෙම ලෝක වාර්තාව සදහා දිව යාම 12/24 දින අලුයම 04.00 ට පේදුරුතුඩුවෙන් ආරම්හ කිරීමට නියමිතය.
