ලෝක රූ රැජන තරගාවලියට තායිලන්තයට

ලෝක රූ රැජන තරගාවලියට තායිලන්තයට

 

කටුනායක ටී.කේ.ජී. කපිල)
තායිලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක රූ රැජන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටිෂානි පෙරේරා මෙනෙවිය 29දා අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.
ලෝකයේ ප්‍රධානතම රූ රැජන තරගාවලියක් වන මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක රූ රැජනියන් සහභාගී වන අතර එය  30දා සිට 18 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී තරගාවලිය පැවැත්වීමට නියමිතය.
ටිෂානි පෙරේරා 29දා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියාය.
ටිෂානි පෙරේරා ඉකුත් 24 දින ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ශ්‍රී ලංකා රූ රැජන අවසාන මහා තරගයෙන් ජයග්‍රහණය කර තිබූ අතර ඇය ජාත්‍යන්තර වෙළෙදාම සහ කළමනාකරණය පිළිබද මෙරට විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන සිසුවියකි.
ඇයට සුභ පැතීම සඳහා ටිෂානි පෙරේරාගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් මෙන්ම මෙම රූ රැජන තරගාවලියේ ශ්‍රී ලංකා සංවිධායක සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Share This