ලෝක තෙල් මිල පාලනය කරන්න කොරියාව සූදානමින්
සීඝ්රයෙන් ඉහළ යන බොරතෙල් මිල ස්ථාවර කිරීම සඳහා, ජාත්යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් ඉදිරිපත් කර ඇති “හදිසි තෙල් සංචිත” නිදහස් කිරීමේ යෝජනාව පිළිබඳව දකුණු කොරියානු රජය සිය දැඩි අවධානය යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් වන ජාත්යන්තර සාකච්ඡා සඳහා දකුණු කොරියාව මේ වන විටත් සක්රීයව දායක වෙමින් සිටින බව එරට බලශක්ති අමාත්යාංශය තහවුරු කරනවා.
ජාත්යන්තර බලශක්ති ඒජන්සිය සිය සාමාජික රටවල් 32ක් සමඟ එක්ව ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත ප්රමාණය වෙළඳපොළට මුදා හැරීමට සූදානම් වේ. මේ පිළිබඳව තීරණාත්මක එකඟතාවයකට පැමිණීම සඳහා ඉදිරියේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත අතර, තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වන බලපෑම අවම කිරීම මෙහි ප්රධාන අරමුණ බවයි
පුවත්පත සදහන් කරන්නේ.
පුවත්පත සදහන් කරන්නේ.