ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන වෙනස් වෙයි: ශ්‍රී ලංකාවට හිමිව ඇති තැන
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ, ඔස්ට්‍රේලියාව සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගැනීමත් සමඟයි.
ඒ අනුව ඉන්දියා ලබා ඇති ජයග්‍රාහී ප්‍රතිශතය 61.11ක්. වෙන ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියා කණ්ඩායමේ එම ප්‍රතිශතය 57.69ක් වනවා.
55.56ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවනවා.