ලෝක ටෙනිස් පිටිය හැඩ කරන ලාංකීය සහ රුසියන් සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකාව, Eden Silva
රූපයත් එක්ක හැකියාවත් එකතු වුණාම, ඒ කතාව කොච්චර සුන්දර එකක් වෙන්න ඕනිද.
අපේ කතා නායිකාව ඊට කදිම උදාහරණයක්. ඇය නමින් ඊඩ්න් සිල්වා (Eden Silva)
නම ඇහුවාම ”ළඟ” බවක් දැනුණද. ”සිල්වා” කියන නමත් එක්ක…
ඔව් ඔබ හිතුවා හරි. ඇයට ලංකාවත් එක්ක තියෙනවා නෑකමක්.
ඊඩ්න් සිල්වා කියන්නෙ ලෝකයේම කතාබහට ලක්වන දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක්. බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකාවක්.
ඊඩ්න්ට තියෙන්නෙ සැබවින්ම ඇස් වශී කරගන්නා අපූරු රූපයක්.
ඒ නිසාම ක්‍රීඩාවටත් වඩා රූපය නිසා ඈව කතාබහට ලක්වන අවස්ථාත් බොහොම වැඩියි.
කතාව පටන් ගත්තෙම ඇයට ලංකාව එක්ක නෑකමක් තියෙනවා කියලනෙ.
ඇය ශ්‍රී ලාංකික සහ රුසියානු සම්භවයක් සහිත මිශ්‍ර උරුමයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක්.
1996 වසරේ ලන්ඩන් හි උපත ලද ඊඩ්න්, රුසියානු පියෙකුට සහ ශ්‍රී ලාංකික මවකට දාව මොලොව එළිය දකිනවා.
මව ලාංකික, පියා රුසියන් වෙනකොට ඇය නියෝජනය කරන්නේ බ්‍රිතාන්‍යය.
ඒ විදියට බහු සංස්කෘතික ගෘහයක හැදී වැඩෙන ඊඩ්න්, සංස්කෘතීන්ගේ අද්විතීය සම්මිශ්‍රණයන් මූර්තිමත් කරන දක්ෂ ක්‍රීඩිකාවක්.
වාර්තා වන ආකාරයට ඇය ටෙනිස් ක්‍රීඩාවට ලැදි වෙන්නෙ කුඩා කාලයේ පටන්මයි. වයස අවුරුදු හයේදීයි මේ අපූරු ක්‍රීඩිකාව ටෙනිස් ක්‍රීඩා කිරීමට පටන් අරන් තියෙන්නෙ. එකල ඇගේ පුහුණුකරු ඇයගේම පියා වූ බව සඳහන්.
වයස අවුරුදු දහයේදී ඇයට සුප්‍රසිද්ධ ටෙනිස් ප්‍රවීණයෙකු වන රොබට් ලැන්ස්ඩෝප් (Robert Lansdorp) සමඟ පුහුණු වීම් උදෙසා ලොස් ඇන්ජලීස් වෙත යාමට අවස්ථාව හිමිවෙනවා. එහෙම පටන් ගත්ත ඇගේ ගමන මේ වන විට ජයග්‍රහණ වගේම අභියෝගවලින් සැදුම්ලත් එකක්.
ක්‍රීඩාව කියන්නෙම අභියෝගයක්නෙ නේද.
2008 වසරේ දී ඇය කීර්තිමත් බ්‍රිතාන්‍ය ජාතික තරඟාවලියේ (British Nationals tournament) අවසන් මහා තරඟයට පැමිණීමෙන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත්කම් දක්වනවා. කෙසේ නමුත් සිය ප්‍රගතියට එල්ල වුණු විවිධ බාධාවන් මැද ආව ගමනක් ඇයට තියෙන්නෙ.
කෙතරම් බාධා ආවත් ටෙනිස් ක්‍රීඩාවට ඇති ආශාව පසුපස හඹා යන ඇය 2012 වසරේ දී විම්බල්ඩන් වටයට පිවිසෙනවා.
ඊඩ්න් 2018 හි WTA (Women’s Tennis Association) සංචාරයට පිවිස ඇති අතර ඇය යුගල ශ්‍රේණිගත කිරීම් වල 126 වැනි ස්ථානයට ළඟාවෙනවා.
කේවල ඉසව්වේදී ඇයගේ හොඳම ශ්‍රේණිගත කිරීම 300.
මෙලෙස ටෙනිස් ක්‍රීඩාවේ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති ඊඩ්න් සිල්වා, ITF (International Tennis Federation) ශූරතා 12 ක් දිනාගෙන තිබෙනවා.
ඒ වගේම ඇය විම්බල්ඩන් හිදී මිශ්‍ර යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට දෙවරක් පැමිණ තිබෙනවා.
ඒ විදියට ඇය සිය වෘත්තීය ජීවිතය තුළ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති ක්‍රීඩිකාවක්.
කතාව ආරම්භයේදීම අපි කිව්වනෙ රූපයත් එක්ක හැකියාවත් එකතු වුණාම, ඒ කතාව කොච්චර සුන්දර එකක් වෙන්න ඕනිද කියන කාරණාව.
ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති ඊඩ්න් එයට අගනාම නිදසුනක් විත්තිය.
ටෙනිස් ක්‍රීඩාවට අමතරව ඇය නිරූපිකාවක් ලෙසත් ජනප්‍රිය යි.
මෙහෙම රූපයකට හිමිකම් කියන තැනැත්තියක් නිරූපිකාවක් නොවී තියෙයිද.
ඒ අනුව ඈ ප්‍රකට වෙළඳ සන්නාම ප්‍රවර්ධනය කිරීම උදෙසා කටයුතු කරන අන්දම දැකිය හැකියි.
මීට අමතරව ඇය කාන්තා ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටින අතර තරුණ කාන්තාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවැසි සහාය ලබාදීමටත් කටයුතු කරනවා.
ඊඩ්න්ගෙ පෙම්වතා ලෙස වාර්තා වන්නේ ජනප්‍රිය බ්‍රිතාන්‍ය ටෙනිස් තරුවක් වන Liam Broady.
මේ ප්‍රේම කතාවට මෑතකදී, එනම් 2023 Wimbledon හිදී පුළුල් අවධානයක් ද හිමිවුණා.
ඔවුන්ගේ පෙම් සබඳතාව ආරම්භව ඇත්තේ 2022 වසරේදී බව සඳහන්.
ඊඩ්න් සිල්වා ඇයගේ කීර්ති නාමය තහවුරු කර ඇතිවා පමණක් නොව මූල්‍යමය සාර්ථකත්වයක් ද සහතික කරගෙන ඇති ක්‍රීඩිකාවක්.
කැපී පෙනෙන කුසලතා, රසිකයින් සහ අනුග්‍රාහකයින් ආකර්ෂණය කරගැනීමේ හැකියාව මෙලෙස ඇයව ධනයෙන් ඉහළ තැනක රඳවා තිබෙනවා.
විනෝදාංශ කිහිපයක්ම ඊඩ්න් සතුයි. සුනඛයින් කෙරෙහි දක්වන ඇල්ම ඉන් සුවිශේෂීයි.
ඒ වගේම රසවත් කෑම වර්ග සෑදීමටත් ඇය ප්‍රියතාවක් දක්වන බව සඳහන්.