ලෝකය තෙවන ලෝක යුද්ධයේ අභියසද? බාබා වන්ගාගේ අනාවැකිය සැබෑ වෙයිද?

Baba Vanga Prediction 2026: Did She Foresee a New Pandemic This Year?  Here's What the Facts Says

​මැදපෙරදිග අළු යට සැඟවුණු ගින්න මහා පිපිරුමකට සූදානම් වේ! ඊයේ(28) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයත් සමඟ මුළු කලාපයම යුද පිටියක් බවට පත්ව තිබේ.

ඉරානය සිය ඉතිහාසයේ දරුණුතම ප්‍රහාරයට මුහුණ දෙයි. මෙය “ඓතිහාසික පාඩමක්” උගන්වන යුද්ධයක ආරම්භය බව ඉරානය පවසයි.

​එක්සත් අරාබි එමීර් රාජ්‍යය අබුඩාබි සහ ඩුබායි නගරවලට මිසයිල ප්‍රහාර වාර්තා වේ.

​කටාර් අල් උඩෙයිඩ් (Al Udeid) අමෙරිකානු ගුවන් කඳවුර දෙසින් අහසට නැගෙන මහා දුමාරය ලෝකයම භීතියට පත් කරයි.

​බහරේනය, කුවේටය ඇතුළු රටවල් ගණනාවකින් ප්‍රබල පිපිරුම් හඬවල් වාර්තා වේ.

​බාබා වන්ගාගේ භීතජනක අනාවැකිය මොකක්ද?

“බෝල්කන්හි නොස්ට්‍රඩමස්” ලෙස හඳුන්වන සුප්‍රකට අනාවැකිකාරියක වන බාබා වන්ගා, 2026 වසරේදී තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට මීට පෙර අනාවැකි පළ කර තිබුණි. 9/11 ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය ගැන ඇය පැවසූ දේ සැබෑ වූවා සේම, 2026 යුද අනාවැකිය මේ වන විට ලොව පුරා දැඩි සංවාදයකට ලක්ව තිබේ.
මානව වර්ගයා “සීමාව ඉක්මවා ගිය” මොහොතක ඇතිවන මෙම යුද්ධය මහා විනාශයක් ගෙන දෙනු ඇති නමුත්, මෙය ලෝකයේ අවසානය නොවන බවත් ඇය පවසා ඇත.

​දිනෙන් දින උණුසුම් වන ලෝක දේශපාලනය හමුවේ අප කොතැනටද? මෙය ඇත්තටම තෙවන ලෝක යුද්ධයේ ආරම්භයද?

Share This