ලෝකයේ හොඳම නගර 100 මොනවද?

ලෝකයේ හොඳම නගර 100 මොනවද?

පසුගිය ගිම්හානයේ අවසන්වූ ඔලිම්පික් උළෙල, නොට්‍රේ ඩෑම්ම් මෙම සති අන්තයේ නැවත විවෘත වීමත් සමගම පැරිස් නුවර ලෝකයේ වඩාත්ම ආකර්ශනීය නගරය ලෙස නම් කර තිබෙනවා.

ඒ දත්ත විශ්ලේෂණ සමාගමක් වන යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් විසින් කළ සමීක්ෂණයක් මගින්.

ප්‍රංශ අගනුවර හොඳම නගර ගමනාන්ත 100 දර්ශකයේ අංක 1 ස්ථානය ලබා ගත් අඛණ්ඩ සිව්වන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

මෙම වසරේ මිලියන 70 කට අධික ජනතාවක් ආලෝකය නගරය ලෙසින්ද හැඳින්වෙන ප්‍රංශයේ සංචාරය කර ඇති අතර, එහි විශිෂ්ට සංචාරක ප්‍රතිපත්තිය සහ යටිතල පහසුකම් හේතුවෙන් මෙලෙස වර්ගීකරණයේ පළමු ස්ථානයට පත්ව ඇති බව සඳහන්.

මෙම දර්ශකය ලොව පුරා ප්‍රමුඛ පෙළේ නගර සලකමින් නිර්මාණය කර ඇති අතර ඒවා සංචාරක ව්‍යාපාරය, තිරසාර බව, ආර්ථික ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය සහ ආරක්ෂාව ඇතුළු නිර්ණායක මත ශ්‍රේණිගත කර ඇති බවයි යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් සමාගම පවසන්නේ.

ලෝකයේ වඩාත්ම ආකර්ශනීය ප්‍රමුඛ නගර 10 අතරින් 6කටම හිමිකම් කියන යුරෝපය 2024 ශ්‍රේණිගත කිරීම්වල ආධිපත්‍යය දරන අතර, මැඩ්රිඩ් අංක 2 හි ද, රෝමය සහ මිලාන් අංක 4 සහ අංක 5 හි ද, ඇම්ස්ටර්ඩෑම් අංක 7 හි ද, බාර්සිලෝනා අංක 10 හි ද රැඬී සිටීමට සමත්ව තිබෙනවා.

පසුගිය වසරේ අංක 10 ස්ථානයේ සිටි සහ මෑතකදී ලෝකයේ හොඳම නගර දර්ශකයේ ඉහළින්ම සිටි ලන්ඩන්, අංක 13 දක්වා පහළට පැමිණ තිබෙනවා.

Euromonitor International’s Top 10 City Destinations for 2025

  1. Paris
  2. Madrid
  3. Tokyo
  4. Rome
  5. Milan
  6. New York
  7. Amsterdam
  8. Sydney
  9. Singapore
  10. Barcelona
Share This