ලොව විශාලතම ගුවන් යානයක් කටුනායකට පැමිණෙයි

ලොව විශාලතම ගුවන් යානයක් කටුනායකට පැමිණෙයි

(කටුනායක – ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත 20 දින රාත්‍රි හදිසි ගොඩබැස්සවීමකට ලක් කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා සනාථ කළේය.
ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ මෙම ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියකු හදිසියේම අසනීප වූ නිසා , ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබූ මෙම ගුවන් යානය 20 දින රාත්‍රී 07.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන තිබේ.
මේ වන විට මෙම ගුවන් මගියා ගුවන් යානයෙන් පිටතට ගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා රෝහල්ගත කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගනිමින් සිටිති.
ඉන්පසු මෙම ගුවන් යානය ආපසු ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවර බලා යළිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතය.

 

Share This