ලොව විශාලතම ගෑස් නිධියටත් ගුවන් ප්‍රහාර එල්ල වේ

ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියක් ලෙස සැලකෙන South Pars/North Dome Gas-Condensate field සංකීර්ණයේ ඉරානය පාලනය කරන South Pars කලාපයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
Islamic Revolutionary Guard Corps (IRGC) අනුබද්ධ මාධ්‍ය ආයතන අනුව, ප්‍රහාරයෙන් පසුව එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බව සඳහන් වේ.
Persian Gulf හි පිහිටි මෙම ගෑස් නිධිය ලෝකයේ විශාලතම එකක් වන අතර, එය Iran සහ Qatar විසින් ඒකාබද්ධව පාලනය කරනු ලබයි.
-
සමස්ත ප්‍රමාණය: වර්ග කිලෝමීටර් 9,700
-
South Pars (ඉරානය): වර්ග කිලෝමීටර් 3,700
-
North Dome (කටාර්): වර්ග කිලෝමීටර් 6,000
Qatar රාජ්‍යයේ ආදායමෙන් 80%ක් මෙම ගෑස් නිධිය මත පදනම් වන අතර, මේ වසර මුලදී ඔවුන් දිනකට ඝන අඩි බිලියන 18.5ක් පමණ ගෑස් නිෂ්පාදනය කර ඇත.
එමෙන්ම Iran ද දෛනිකව ඝන අඩි බිලියන 2ක පමණ ගෑස් නිෂ්පාදනය කරයි.
කෙසේ වෙතත් බටහිර සම්බාධක සහ කළමනාකරණ ගැටලු හේතුවෙන් Iranට තම උපරිම නිෂ්පාදන ධාරිතාවට පැමිණීමට බාධා වී ඇති අතර, ඒ මත Qatarට වැඩි වාසි හිමි වී ඇති බව සඳහන් වේ.
