ලොව ප්‍රකට සමාගමක ප්‍රධාන විධායක නිලධාරී වෙඩිකා මරුට

ඝාතකයා නිදැල්ලේ

ලොව ප්‍රකට සමාගමක ප්‍රධාන විධායක නිලධාරී වෙඩිකා මරුට

යුනයිටඩ් හෙල්ත්කෙයාර් ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන්ව අමෙරිකානු වේලාවෙන් බදාදා උදෑසන මිඩ්ටවුන් මැන්හැටන්හිදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ ඔහු සමාගමේ වාර්ෂික ආයෝජක සමුළුව පවත්වන හෝටලය දෙසට ගමන් කරමින් සිටියදීයි.

නිර්භීත, ඉලක්කගත ප්‍රහාරයකින්, ඝාතකයා ඔහුට වෙඩි තබා ඇති බවයි නිව්යෝර්ක් පොලීසිය පවසන්නේ.

50 හැවිරිදි තොම්සන්, මෑන්හැටන් හි හිල්ටන් හෝටලයට ඇතුලුවීමට පෙර , මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ප්‍රහාරකයා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව සඳහන්.

මෙය කලින් සැලසුම් කළ ඝාතනයක් බවට නිව් යෝර්ක් නගරයේ පොලිස් නිලධාරීන් සැක පළ කරන අතර, ඝාතකයා නිදැල්ලේ සිටින අතර ඔහුව සොයා ගැනීමට මහජන සහය පතන බවත් සඳහන් කර තිබෙනවා.

Share This