ලොවක් ආදරය කරන ආලෝකට හදිසි සැත්කමක්

(එන්. අමරසිංහ)
ලොවට සාමය පතා ඇමෙරිකාවේ සාම පාගමනේ නිරත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග ගමන් ලොවක් ආදරය කරන ආලෝක නමැති සුනඛයාට පසුගියදා (12දා) හදිසි සැත්කමක් සිදුකර ඇත. ආලෝකගේ පාදයක සිදුකළ එම සැත්කම ඉතා සාර්ථක වී තිබේ.
මෙම සැත්කම ඉතා කෙටි කාලයකින් අවසන් කිරීමට එම වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇත. සැත්කමෙන් පසු ආලෝක දැඩි වෛද්‍ය නිරීක්ෂණ යටතේ විවේක ගනිමින් සිටී.
දක්ෂ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් අලෝකව ප්‍රවේශමෙන් එම සැත්කමට සූදානම් කළ අතර සැත්කම සිදුකිරීමේදී ඔහුට කිසිදු වේදනාවක් නොදැනෙන සේ සුවදායී ගැඹුරු නින්දකට (නිර්වින්දනය) පත්කිරීමටද ඔවුන් කටයුතු කළේය.
එම සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායම දැක්වූ කරුණාව සහ කැපවීම භික්ෂූන්වහන්සේලා ඇගැයීමටද ලක්ව ඇති අතර
මෙම වෛද්‍ය කණ්ඩායම සිය වෘත්තීය සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමටද කටයුතු කර තිබේ.
අලෝක මේ වන විට සුවය ලබමින් සිටින අතර හැකි ඉක්මනින් ඔහු නැවතත් භික්ෂූන් වහන්සේලා වෙත යොමු කිරීමට ද නියමිතයි.
