ලබන 24දායින් පසු ලංවිම සටන දරුණු අතට

-ශිරාන් රණසිංහ-
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළට සේවකයන් ඒ ඒ සමාගම්වලට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයේ අඩුපාඩු වහා නිවැරැදි කර පවත්නා ගැටලුවලට විසඳුම් නොදෙන්නේ නම් ලබන 24 වැනිදායි පසු වජර්න ක්‍රියාවලියකට යෑමට ලංවිම වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඉකුත් 04 වැනිදා සිට ලංවිම සේවකයන් ආරම්භ කර තිබෙන අකුරට කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දිගටම ක්‍රියාත්මක බවත්, (17දා) සහ (18 දා) ලෙඩ නිවාඩු දැමීමට පියවර ගත් බවත් ලංගම නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්ලිව්.ඒ.පී. ප්‍රභාත් මහතා ‘මොනරා’ යුගයේ ජනහඬට පැවසීය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධ නොමැති බවත් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ එකඟතාවන් කඩකරමින් කටයුතු කිරීමට එරෙහිව මෙම වෘත්තීය පියවර ගන්නා බවද වෘත්තීය නායකයෝ පවසති.
මේ වන විට ඉංජිනේරුවන්ද, ටෙන්ඩර් කමිටු, සම්මුඛ පරීක්‍ෂණ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් ආදියෙන් ඉවත්ව සිටින බවත් ඔවුන් ද 24 වැනිදා සිට දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වන බවට රජය ලිඛිතව දැනුම් දී ඇත.
විදුලිබල මණ්ඩලය සමාගම් 4 කට හෝ ඊට වැඩි ගණනක් බවට පත් කිරීමේදී 24,000කට අධික සේවකයන්ට ලබාදෙන සමාගම ලබාදෙන තනතුර, වැටුප්, දීමනා අනෙකුත් පහසුකම් පිළිබඳ මේ දක්වා කිසිවක් පැහැදිලි කර නැතැයි ද වෘත්තීය සමිති නායකයෝ පවසති.
ඳාඒ අනුව ලබන 24 වැනිදා තෙක් ආණ්ඩුවට කල් ලබා දෙන බවත් ඉන් පසුව වැඩ වර්ජනයට දින තීරණ කරන බවත් ඔවුහු පවසති.