ලක්ෂ 99ක බඩු අරන් අගරු චෙක්පත් දුන් කළුතර කතකට මාංචු සැමියා හා පුතාවත් සොයයි

ලක්ෂ 99ක බඩු අරන් අගරු චෙක්පත් දුන් කළුතර කතකට මාංචු  සැමියා හා පුතාවත් සොයයි

(කළුතර – එස්.එස්.තන්ත්‍රිආරච්චි)
රුපියල් 99,95,965.96ක් වටිනා විදුලි උපාංග ලබාගෙන ඒ වෙනුවෙන් අගරු චෙක් පත් 16 ක් ලබාදී වංචාවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර විශේෂ වංචා විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
උතුරු කළුතර, එතනමඬළ පදිංචි රුචිර පත්මසිරි කාරියවසම් (අවු.53) යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තමා විදුලි උපාංග තොග වශයෙන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත්, එම භාණ්ඩ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ආයතනයකට ලබා දුන් විට චෙක් පත් 16ක් ලබා දුන් අතර ඒවා බැංකු ගත කළ විට ඉන් 03ක් මුදල් නොමැති නිසා අගරුවූ බවත්, ඉතිරි 13 වසා දැමූ ගිණුමකින් ලබාදී ඇති බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
එම භාණ්ඩ 2025 අප්‍රේල් 30 සිට ජූනි 28 අතර කාලය තුළ ලබාගෙන ඇති බවත්, මෙම ආයතනයේ හිමිකරුගේ අනුදැනුම මත ඔහුගේ බිරිඳ හා පුත්‍රයා භාණ්ඩ භාරගෙන ඇති බවත්, භාණ්ඩ භාර ගත් බවට ඔවුන් ඉන්වොයිස් පත්‍රවල අත්සන් කර ඇති බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළව ආයතනයේ හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර ආයතනයේ හිමිකරු සහ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කළුතර විශේෂ වංචා විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This