ලක්ෂ 50කට අධික විදේශීය මත්පැන් තොගයක් රේගු භාරයට
ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවයි සුරාබදු නිලධාරීන් සඳහන් කළේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී ගම්පහ සුරාබදු කාර්යාලයේ නිළධාරීන් විසින්, බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 173ක් සොයාගෙන ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් 35 හැවිරිදි කොළඹ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතයි.