ලක්ෂ 5ක අල්ලසක් ගනිද්දී වැලිමඩ උසාවියේ රෙජිස්ට්‍රාර් මාට්ටු

(වැලිමඩ කසුන් දර්ශන)
වැලිමඩ දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නඩුවක පාර්ශ්වකරුවකුගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලස් ලබාගැනිමට යාමේදී අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරින් වැලිමඩ නගරය ආසන්නයේ පිහිටි පැරැණි අධිකරණ ගොඩනැගිල්ල ආසන්න ආපනශාලාවක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ මහෙස්ත්‍රාත් හා දිසා අධිකරණයේ සේවය කළ රෙජිස්ට්‍රාර් වරයායි.
වැලිමඩ දිසා අධිකරණයේ පවතින නඩුවක නඩු තීන්දුවට අදාල නියෝගයන් ක්‍රියාත්මක කිරීමට රුපියල් ලක්ෂ 05 ක මුදලක් සැකකාර රෙජිස්ට්‍රාර්වරයා ඉල්ලා ඇති අතර ඒ බව නඩුවේ පාර්ශ්වකරු අල්ලස් කොමිෂමට පැමිණිළිකර ඇත.
එම අල්ලස් මුදල වැලිමඩ පැරැණි අධිකරණය ඉදිරිපිට හෝටලයක් තුළදී ලබාගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
