ලක්විජය බලාගාරයේ යන්ත්‍ර වලට හානියක් නෑ – කෝප් කමිටුවේදී හෙළිවෙයි

Norochcholai power plant: Inoperative generating unit to resume functions  today

මෑතකදී මෙරටට ආනයනය කළ ගල්අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 6 වැනිදා බලාගාරයේ සිදුකළ ස්ථානීය පරීක්ෂාවකදී බලාගාරය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලි ජනනයේ සුළු අඩුවක් තිබුණද එය රටේ බලශක්ති අවශ්‍යතාවයට මේ මොහොතේ ගැටළුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

තවද ඉදිරියේදී අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය බලාගාරය සතුව පවතින බැවින්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑම, ගබඩා කිරීම, නියැදි පරීක්ෂා කිරීම සහ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ඇතුළු සියලු ක්‍රියාවලීන් සොයා බැලූ බවද වාර්තා වේ.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විශාලතම හා එකම ගල්අඟුරු විදුලි බලාගාරය වන අතර ජාතික විදුලි පද්ධතියට 900MWකට අධික විදුලි ධාරිතාවක් ලබාදෙයි. රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සుమාරු 35% – 40%ක් මෙම බලාගාරයෙන් නිපදවනු ලබයි.

Share This