ලක්විජයට ගල්අඟුරු දෙන්න ලංසු කැඳවයි

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා 2026/2027 වාරයට අදාළව ගල්අඟුරු සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේ ලංසු කැඳවීමක් ලංකා ගල්අඟුරු සමාගම විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව, 2026 සැප්තැම්බර් සිට 2027 අප්‍රේල් දක්වා කාලය තුළ භාවිතය සඳහා මෙට්‍රික් ටොන් මිලියන 2.28ක ගල්අඟුරු ප්‍රමාණයක් මිලදී ගැනීමට මෙම ටෙන්ඩරය නිකුත් කර ඇත. මෙම ආරාධනය දැනට සමාගමේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබේ.

ලංසු ඉදිරිපත් කිරීම සඳහා අවසන් දිනය ලෙස මැයි 14 දින නියම කර ඇති අතර, අයදුම්කරුවන්ට අදාළ සුදුසුකම් සහ කොන්දේසි ද පැහැදිලිව සඳහන් කර ඇත.

එම කොන්දේසි අනුව, ගල්අඟුරු සැපයීම යාත්‍රා 38ක් හරහා සිදුකළ යුතු අතර, 2026දී යාත්‍රා 20ක් සහ 2027දී යාත්‍රා 18ක් ලෙස සැලසුම් කර තිබේ. සියලු සැපයුම් දින 210ක් ඇතුළත අවසන් කළ යුතු බවත් සඳහන් වේ.

එසේම, සැපයෙන ගල්අඟුරු වල ගුණාත්මකභාවය සහ ලංසුකරුවන්ගේ වගකීම්, ක්‍රියාකාරීත්වය පිළිබඳවද විශේෂ අවධානය යොමු කරමින් අදාළ ටෙන්ඩරය නිකුත් කර තිබේ.

Share This