ලංවිමට බෝනස් නෑ

ලංවිමට බෝනස් නෑ

ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ඉපයුවද ඉන් රුපියල් බිලියන 112ක්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ආපසු ගෙවීම් ලෙස වැයකර තිබෙනවා.

එමෙන්ම 2024 වසරේ විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරි වූ රුපියල් බිලියන 41ක මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවද ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කළා.

Share This