ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සඳහා නව සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි….!
අධිවේගී මාර්ග මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) නව සුඛෝපභෝගී බස් රථ 200ක් ක් මිලට ගැනීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා ඇත….! මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරමින් මගී ජනතාවට වඩාත් සුවපහසු සහ උසස් ප්‍රවාහන සේවාවක් ලබා දීමයි.…!
තවද අධිවේගී මාර්ගයේ සහ දුරගමන් බස් සේවාව ශක්තිමත් කිරීම මගින් ජාතික ප්‍රවාහන ප්රමිතීන් ඉහළ නැංවීමට මෙමගින් බලාපොරොත්තු වේ …!
