ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ගනී

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම උදෙසා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026-2028 කාලය ආවරණය වන අයුරින් ක‍්‍රියාත්මක වන Programmatic Reform Development Policy Operation යටතේ මෙම අරමුදල් ලැබීමට නියමිතය.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබා දී ඇත.

Share This