ලංකාවේ කවුරුත් දන්න ‘ගුජුම්පියෝ’ හෙවත් ‘ලී මින්හෝ’ රංගන මංගල්‍යයේ 18 වසර සමරයි
'ගුජුම්පියෝ' කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..
දකුණු කොරියාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියත්වයෙන් පළමු තැන රැඳි සිටින ගැහැණු ළමයින්ගේ සිහින කුමාරයා ලෙස හඳුන්වන ‘ලී මින්හෝ’ රංගන දිවිය ආරම්භ කරලා අදට අවුරුදු 18ක්..
දකුණු කොරියාවේ විතරක් නෙමෙයි ‘ලී මින් හෝ’ කියන්නේ ලෝකයේම අතිශය ජනප්‍රිය දක්ෂ කඩවසම් නළුවෙක්..
වසර ගණනාවක් තිස්සේ දකුණු කොරියාවේ අංක එකේ රැඳි සිටින ‘ලී මින්හෝ’ ව ලංකාවේ අයනම් හඳුන්වන්නේ ‘ගුජුම්පියෝ’ කියලා..
ඒ මෙරට පෞද්ගලික නාලිකාවක විකාශය කෙරුණු දකුණු කොරියානු කතා මාලාවක් වන ‘Boys over Flowers’ නාට්‍යයෙහි සල්ලිකාර කඩවසම් සිසුවෙකුගේ චරිතය රග දැක්වූ ‘ගුජුම්පියෝ’ චරිතය නිසායි..
එම කතා මාලාව ලංකාව තුළ අතිශය ජනාදරයට පත්වුණා.. ළමා හා නව යොවුන් වියේ පසුවන අය විතරක් නෙමෙයි ලංකාවේ වැඩිහිටි අයත් ‘ගුජුම්පියෝ’ ට වහා වැටිලා හිටියේ…
ඒ කතා මාලාව ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ විවිධ රටවල ජනප්‍රියත්වයට පත්වුණා..
විචාරකයින්ට අනුව ‘ලී මින් හෝ’ කියන මේ චරිතය ජනප්‍රිය වන්නේ ‘Boys over Flowers’ කතා මාලාව හරහායි..
අනතුරුව මේ කොල්ලා ගැන මුළු ලෝකයක්ම දැනගන්නා.. දැන් ‘ගුජුම්පියෝ’ කියන්නේ ‘Global Star’ කෙනෙක්…
ඉතින් මේ නළුවා මොන කතාවක ඉන්නවා දැක්කත් ලංකාවේ අය කියන්නේ අන්න ‘ගුජුම්පියෝ’ ඉන්නවා කියලා..
ඒ විතරක් නෙමෙයි දකුණු කොරියානු මොන නළුවෙක් දැක්කත් අපේ අය ඒ හැමෝටම කියන්නේ ආන්න ‘ගුජුම්පියෝ’..’ගුජුම්පියෝ’ කියලා…
දකුණු කොරියාවේ ප්‍රමුඛතම නළුවෙකු වන ‘ලී මින් හෝ’ 2006 වසරේ දී ඔහුගේ මංගල දර්ශනය ආරම්භ කළ අතර අද වනවිට ඔහුගේ රංගන ජීවිතයට වසර 18 ක් සම්පූර්ණ වනවා.
ඉතින් ඔහුගේ නියෝජිතායතනය වන ‘MYM එන්ටර්ටේන්මන්ට්’ හෘදයාංගම සටහනක් තබමින් ඒ සතුට ෆෑන්ස්ලා එක්ක බෙදාගන්න අමතක කළේ නැහැ..
“ෆෑන්ස්ලා වශයෙන් ලී මින් හෝ ට ලබාදෙන නොසැලෙන සහය සඳහා රසිකයින්ට අතිශයින් ස්තුතිවන්ත වනවා.. මින්හෝගේ 18 වැනි මංගල සංවත්සරයේදී ඔහුගේ ඇදහිය නොහැකි ගමනට සව්දිය ඔසවමු! ගෙවී යන සෑම වසරකම දීප්තිමත්ව බැබළීමට ‘මින්හෝට’ උපකාර කළ නොසැලෙන සහයෝගයට සහ ආදරයට ඔබට ස්තූතියි..”
ඇත්තටම කිව්වොත් ‘ගුජුම්පියෝ’ හෙවත් ‘ලී මින්හෝ’ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්… මින්හෝ එයාර්පෝට් එකට ආවත් කොහේ ගියත් කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලෝ සහ වැඩිහිටියෝත් පිස්සු වැටිලා වගේ එයාගේ පස්සෙන් එනවා.. ඉතින් මින්හෝගේ නියෝජිතායතනයෙන් එයාට විශේෂ ආරක්ෂාවකුත් දීලා තියෙන්නේ මේ ෆෑන්ස්ලගේ කරදරවලින් බේරෙන්න… (කරදර කිව්වට ඉතින් ෆෑන්ස්ලගේ ආදරය)
ඔහු රඟපෑ ජනප්‍රිය නිර්මාණ කිහිපයක්..👇
Boys over Flowers (2009)
City Hunter (2011),
The Heirs (2013)
Gangman Blues (2015)
Bounty Hunters (2016)
Legend of the Blue Sea (2016)
The King Eternal Monarch (2020)
Pachinko (2022)
‘Boys over Flowers’ කතාමාලාවට අමතරව ඔහු රඟපෑ තවත් නිර්මාණ දෙකක් මෙරට විකාශය කෙරුණා…
ඒ, ‘The Heirs’ (2013) සහ ‘Legend of the Blue Sea’ (2016) යි.
ඒ නිර්මාණත් දකුණු කොරියාවේ, ලංකාවේ වගේම ලෝකයේම ප්‍රසිද්ධයට පත්වුණු කතාමාලායි..
ඉතින් ‘ගුජුම්පියෝ’ මේ රංගන ජීවිතයට අපිත් සුබ පැතුම් එකතු කරනවා..