රෝගීන් දෙදෙනකු රෝහලට රැගෙන ගිය ගිලන් රියක් බගවන්තලාවේදී අනතුරක

රෝගීන් දෙදෙනකු රෝහලට රැගෙන ගිය ගිලන් රියක් බගවන්තලාවේදී අනතුරක

-සෙනාෂ් කොළවත්ත-
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රෝගීන් ගෙන ගිය ගිලන් රථයක් ඊයේ (18දා) අනතුරට පත්වීමෙන් පසු එම රෝගීන් දෙදෙනා වෙනත් ගිලන් රථයකින් නෝර්වුඩ් රෝහලට ගෙන ගොස් ඇත.
අනතුර ඊයේ (18දා) උදෑසන 11.00ට පමණ සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වතුයාය ප්‍රදේශයේදීය.
රෝගීන් දෙදෙනා රැගෙන යමින් තිබූ ගිලන් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත. අනතුරෙන් ගිලන් රථයට හා ලොරි රථයට හානි සිදු වී ඇත.

Share This